විදුලි බලමණ්ඩලයේ මනුකියවන්නෙකුට පුද්ගල පහරදීමක්

වැල්ලවාය ප්‍රදේශයේ දී විදුලි බිල් ලබාදීම සදහා නිවෙස් වෙත ගිය විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නෙකුට පුද්ගලයෙකු පහරදීමක් සිදු කර තිබෙනවා.
සැකකාර පුද්ගලයා නිවසක් අසලදී මනුකියවන්නාට මෙලෙස පහර දී ඇති අතර විවිධ හේතු පවසමින් නිකරුණේ මෙම පහරදීම සිදුකර ඇති බවයි අප වාර්ථාකරු සඳහන් කලේ.
සිද්ධිය සම්බධයෙන් මනු කියවන්නා වැල්ලවාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර පසුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙනවා.

Share