දැවෙන කාන්තාරවලින් ගහන, උණුසුම් රටක් බවට ප්‍රකට සෞදි අරාබියට හිම වැටීම දුර්ලබ දැක්මක්.
කෙසේ වෙතත් ඒ දුර්ලබ දැක්ම යථාර්ථයක් බව ඊයේ ගල්ෆ් ප්රවෘත්ති සේවය වාර්තා කර තිබුණා.
ගල්ෆ් ප්රවෘත්ති සේවයට අනුව, දකුණු අරාබියේ කාසිම්, ටබුක්, සහ උතුරු රියාද් ඇතුළු ප්‍රදේශවලට මේ සතියේ විටින් විට හිම වැටී තිබෙනවා.
මෙය දුර්ලබ අත්දැකීමක් නිසාම හිම පතනය දැක ගැනීමට සෞදි ජාතිකයින් බොහෝ දෙනෙක් මේ දිනවල එම ප්රදේහවල සංචාරය කරන බව සඳහන් .
ඒ සමගම සෞදි අරාබි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් කර තිබුණේ මේ ඇතැම් ප්‍රදේශවල හිම කැට කඩා වැටීම්, තද සුළං සහ හදිසි ගංවතුර වැනි විභව අනතුරු සිදුවිය හැකි බවටයි.





