ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවන අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලිය අද සිට නැවතත් ආරම්භ කෙරෙනවා.
පසුගිය දිනවල දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ මෙම තරගාවලිය නැවතත් ආරම්භ කෙරෙන්නේ ටීවී සුප්රීම් ලීග් පාපන්දු තරගාවලිය ලෙසින්.
ඒ අනුව තරගාවලිය නැවතත් ආරම්භ කරමින් අද සවස හතරට ශ්රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සහ මාතර සිටි පාපන්දු කණ්ඩායම තරග වදින අතර ශ්රී ලංකා ගමනාගමන මණ්ඩල පාපන්දුකණ්ඩායම, නිවුස්ටාර් පාපන්දු කණ්ඩායම සමඟ තරග වදින්නේ අද රාත්රී අටටයි.
කොළඹ රේස්කෝස් පිටියේ පැවැත්වෙන මෙම සියලු තරග ටීවී සුප්රීම් ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.





