දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන් සවිබල ගැන්වීම සදහාත්,ඉන් විනාශ වූ දේපළ යළි ගොඩ නැගීම සදහාත් රුපියල් බිලියන 500 කට අදාල පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අයවැය අධ්යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිලිබද කාරක සභාව හමුවේ සදහන් කළා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් පිලිබද කාරක සභාව ඊයේ රැස් වූ අවස්තාවේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා සදහන් කළේ මේ හේතුවෙන් මෙවර අයවැයෙන් අපේක්ශිත වියදම් සියයට 1.5 කින් ඉහළ යන බවයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන කටයුතු පිලිබඳව සහ එය කළයුතු ආකාරය සම්බන්ධයෙන් මේවනවිට විවිධ පාර්ශව වෙතින් යෝජනා ලබා ගැනීම ආම්භ කර ඇති බවත් ඊට අදාළ කාලරාමු ඉදිරියේදී දැනුම් දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂය විසින් යොමුකළ ප්‍රහ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේබව සඳහන් කළා.
මේ අතර දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැළසීම සඳහා වන රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවට අදාළ අයවැය විවාදයේ අවසන් දිනය මේවනවිට ආරම්භ වී තිබෙනවා.





