ගාසා තිරයේ අවතැන්ව සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් මේ වන විට ශිත කුණාටුවලින් පීඩා විදී

ගාසා තිරයේ අවතැන්ව සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් මේ වන විට ශිත කුණාටුවලින් පීඩා විඳින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ගාසාවේ වැසියන්ට සැපයීමට කූඩාරම්, බ්ලැන්කට් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් තමන් සතුව ප්‍රමාණවත්ව ඇති නමුත් ඊශ්‍රායල බලධාරීන් දේශසීමා හරහා ප්‍රවේශය අවහිර කිරීම හෝ සීමා කිරීම නිසා අවතැන්වූවන්ට ඒවා ලබාදිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

Share