එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් ලීග් තරගාවලිය හෙවත් ILT20 තරගාවලියට එක්වන. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් නැවත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයින් හට දඟපන්දු යවන්නන්ට එරෙහිව වැඩිදුර පුහුණුවක් ලබාදීමට බවයි පැවසෙන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට දැනුම් දී ඇත්තේ එළැඹෙන 20 වැනිදාට ප්‍රථම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පුහුණු සැසි සඳහා වාර්තා කරන ලෙසයි.
මෙම ක්‍රීඩකයින් නැවත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. උසස් නිලධාරියකු පවසා සිටියේ සංචිතයේ සිටින ක්‍රීඩකයින් හට දඟපන්දු යවන්නන් හමුවේ වැඩිදුර පුහුණුවක් ලබාදීම සඳහා ඔවුන් මෙරට පැවැත්වෙන පළමු පෙළ තුන්දින ලීග් ක්‍රිකට් තරග වාරය සඳහා යොදවන බවයි.
මේවන විට ILT20 තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් ගණනාවක් ක්‍රීඩා කරන අතර ඔවුන් ඉහල දක්ෂතා දක්වමින් සිටිනවා.
කෙසේ වෙතත් මෙම හදිසි කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ මෙම පන්දු වාර විස්ස තරගාවලිය තුළ ලෝක මට්ටමේ දඟපන්දු යවන්නන් මුණගැසෙන බැවින් ඒ සඳහා එක්ව සිටින ජාතික මට්ටමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා මෙරට පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියකට එක් කිරීම පදනම්විරහිත ක්‍රියාවක් බවයි.





