19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 39ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදු වුණා.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිතිකරුවන් පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කළා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවිජ ගමගේ ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 49යි එක් පන්දුවකදී ලකුණු 186කට සීමා වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශය ‘B’ කාණ්ඩයේ පෙරමුණ ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයේදී ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.




