IMF තවත් ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යකරණ ණයක් හෙවත් RFI ණයක් යටතේ ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව එම අරමුදලේ වෙබ් අඩවියේ සදහන් වෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව ක්ෂණික අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 200ක ණය ආධාරයක් බලාපොරොත්තුවෙන් සිටින අතර, එය ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනෙන් වෙන්ව පවතින්නක්.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන 6 වන වාරිකය ලබන වසර දක්වා කල් යා හැකි බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් .
මෙහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ විදේශිය ආයෝජන කැදවිම රජයට අභියෝගයක් වී ඇති නමුත් එම අභියෝග ජය ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යකරණ ණයක් හෙවත් RFI ණයක් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව සලකා බැලීමට නියමිත බවයි එම අරමුදලේ වෙබ් අඩවියේ සදහන් වන්නේ.
ඊට අදාල සාකච්ඡාවක් සදහා මේ මස 19 වන දින එම මන්ඩලයේ නියෝජිතයින් රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව පසුගිය නොවැම්බර් මස මෙරටට බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් මෙම පහසුකම යටතේ ඉල්ලා තිබෙනවා.
කඩිනම් මූල්‍යකරණ ණය හෙවත් RFI ණය ක්‍රමය යටතේ දැඩි සමාලෝචන ක්‍රියාවලියකින් තොරව ඉක්මනින් අරමුදල් ලබා දෙනවා.
මේ අතර දෙසැම්බර් 15 වන දිනට නියමිතව තිබූ වැඩසටහන් සමාලෝචනය සම්පූර්ණ කිරීම වෙනුවට, නව මූල්‍ය තත්ත්වයන්ට අනුකූලව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව නැවත සාකච්ඡා කිරීම සඳහා IMF කණ්ඩායමක් ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද මූල්‍ය අරමුදල් වෙබ් අඩවියේ සදහන්
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මීට පෙර පැවසුවේ මෙරට බලධාරීන් ශ්‍රී ලංකාවේ IMF කෝටාවෙන් සියයට 26 කට සමාන ආධාරයක් විධිමත් ලෙස ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම විධායක මණ්ඩල අනුමැතියට යටත් වන බවත් එහි සඳහන්.

Share