රට තුළ නිවැරදි සහම කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දිට්වා සුලි කුණාටුවේ බලපෑමට ලක් වූ ඉබ්බාගමුව ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ග්‍රාමසේවා වසම් මට්ටම දක්වා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලැස්මක් අවශ්‍ය බවයි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන කිහිපයක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ඊයේ ලක් වුණා.
ඉන් අනතුරුව පන්ලියද්දි විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකයා විපතට පත්ව එහි තාවකාලිකව රැඳී සිටින ජනතාවගේ සුවදුක් ද විමසා බැලුවා.





