සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසීගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනය අද ඔහු මුම්බායි වෙත පැමිණීමට නියමිතයි.
එහිදී මෙසී,ඉන්දීය ක්‍රිකට් සමාජය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක පැඩල් තරගයකට සහ වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත සත් සාමාජික ප්‍රදර්ශන තරඟයකට එක්වනවා.
සත්සාමාජික තරගයට බොලිවුඩ් තරු රැසක් ද එක්වන බව සංවිධායකයන් පැවසුවා.
ඊට අමතරව ආර්ජන්ටිනාවේ 2022 FIFA ලෝක කුසලාන ජයග්‍රහණයේ මතක සටහන් ඇතුළත් පුද්ගලික පුණ්‍යායතනයක් විසින් ඉදිරිපත් කෙරෙන විලාසිතා සංදර්ශනයක් නැරඹීමටද සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී එක්වනු ඇති.





