14 වසරකට පසු මෙසී ඉන්දියාවට

තෙදින සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ලියොනල් මෙසී අද පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණියා.
එහිදී කල්කටාවේ යුවා භාරතී ක්‍රීඩංගනයේ (Salt Lake Stadium) පැවති විශේෂ උත්සවයකදී මෙසී විසින් සිය අඩි 70 ක් උසැති ප්‍රතිමාව ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන ශාරුක් ඛාන් සමඟ එක්ව නිරාවණය කළා.
උත්සවය උදෑසන 9 ට ආරම්භ වී පැය හතරක් පමණ පැවැත්වීමට නියමිතව තිබු අතර ෂාරුක් ඛාන් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව පැවතියා.
කෙසේ වෙතත්, එම ප්‍රතිමාව නිරාවරණය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයෙන් මෙසී සහ ශාරුක් ඛාන් එක්ව තිබෙනවා.
පසුව මෙසී එහි ප්‍රදර්ශන පාපන්දු ඉසව්වකට පැමිණෙන බව සංවිධායකයන් දැනුම් දී තිබී තිබුනා.
කෙසේ වෙතත් ඔහු ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් එහි සිටි ක්‍රීඩාලෝලීන් කෝපයට පත්ව ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර කලබලයක් ඇතිකර තිබෙනවා.
ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ තමන්ට මෙසීව දැකගැනීමට හැකිවූයේ විනාඩි 10ක් පමණක් බවත්, සංවිධායකයින් තමන්ව රවටා ඇති බවයි.
රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වා ප්‍රවේශපත්‍ර සහිතව උත්සවය සඳහා විශාල මුදලක් ගෙවා තිබියදීත්, ඔවුන් හට ලියොනල් මෙසී දැකගැනීමට නොහැකි වූ හෙයින් මෙලෙස කලබලයක් ඇතිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක මුදලකට ප්‍රවේශපත්‍ර අලෙවිකර ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ ඉසව්වේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
මේ අතර බෙංගාලය පුරා ළමුන් සමඟ සැලසුම් කර තිබූ පුහුණු සැසියක් ද අවලංගු කර තිබෙනවා.
ඇතිවූ තත්වය හේතුවෙන් බෙංගාල මහ ඇමතිනි මමතා බැනර්ජි, සමාව අයැද සිටියා.
ඇය සිය X ගිණුමෙහි සටහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙන බව‍යි
“අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මම ලයනල් මෙසීගෙන් මෙන්ම සියලුම ක්‍රීඩා ලෝලීන්ගෙන් සහ ඔහුගේ රසිකයන්ගෙන් අවංකවම සමාව අයදිමි” යනුවෙන් එහි සටහන් ව තිබුනා.

Share