තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුදමය තත්ත්වය අද සිට බලපැවැත්වෙන පරිදි අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අද පස්වරුවේ සිට සියලු වෙඩිතැබීම් නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.
තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට් සමගම පැවැත්වූ දුරකථන සංවාදවලින් පසු ඔවුන් ඒ සඳහා එකඟ වූ බව ට්‍රම්ප් සඳහන් කළා.
දෙරට අතර පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ලක්ෂ 5කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා.





