ගාසා තීරයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් එම භූමියේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් ඉහළ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
අවතැන් වූවන් සඳහා වූ කඳවුරු ස්ථාන 760 කට වැඩි සංඛ්‍යාවක් ගංවතුර අවදානම අතින් ඉහළම මට්ටමක පවතින බවට තක්සේරු කර තිබෙනවා.
එහි ආසන්න වශයෙන් පුද්ගලයන් 850,000 ක් පමණ සිටින බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.
අධික වර්ෂාව නිසා කූඩාරම් ජලයෙන් යටවී ඇති අතර, පුද්ගලයන්ගේ බඩු බාහිරාදිය තෙත් වී තිබෙනවා.
මේ හේතුවෙන් සෞඛ්‍ය අවදානම් ඉහළ ගොස් ඇති අතර, ළදරුවන් අතර අධික සීතල තත්ත්වය සහ පිටාර ගලන අපජලය හේතුවෙන් ඇති වන රෝගාබාධ ද ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා.





