දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා අතුරුදන් වූ පුද්ගලයන් 193 දෙනෙකුගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
පසුගිය 2 වෙනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයකු සම්බන්ධයෙන් සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ඒ අනුව මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා ද රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබා දිමට තීරණය කර ඇත්තේ.
ආපදා හේතුවෙන් පුද්ගලයකු, ඥාතියෙකු හෝ මිතුරකු අතුරුදන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය රෙජිස්ටාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබෙනවා.
මේ අතර, මධ්‍යම පළාතේ පුද්ගලයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම, අතුරුදන් වූවන්ගේ මරණ සහතික නිකුත් කිරීම ඇතුළු සේවා සැපයීමේ විශේෂ ජංගම සේවාවක් 13 සහ 14 යන දෙදින පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව හෙට දිනයේ දී ජංගම සේවය උඩහේන්තැන්න, අංක 1, දෙමළ මහා විද්‍යාලය, පරගල ජනපදයේ දි උදෑසන 9 සිට පැවැත්විමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම 14 වන දින ජංගම සේවය දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දි උදෑසන 9 සිට පැවැත්විමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනිම සදහා 081 222 44 70 දුරකථනය ඔස්සේ අමතන ලෙස මධ්‍යම පළාත් නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් තරංගා සුභාෂිණී මහත්මිය සදහන් කරනවා.
ඇය කියා සිටියේ එම සියලු සේවා එම අවස්ථාවේ දීම නොමිලේ සිදුකර දීමට පියවර ගෙන ඇති බවයි.
හානියට පත් වූ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දීම ද මෙම ජංගම සේවාව හරහා සිදුකිරීමට නියමිතයි.





