පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිපියක් බාරදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහාතා අද කටයුතු කළා.
මෙම ආපදාවට පෙර රැස්වීම් කීපයක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම රැස්වීම් වල දී සාකච්චා කල කරුණු මොනවාද යන්නත් මේ හරහා ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියා
ඒ දිට්වා සුළි කුණාටුවට පෙර ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීම් කිහිපයකදී සාකච්ඡා වූ දෑ පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහායි.
අදාල ලිපිය භාර දිමෙන් අනතුරුව ඔහු මෙලෙස මාධ්‍යට අදහස් පළ කලා.





