ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පුද්ගලයින් 84,674ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 866ක් රැඳී සිටි

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 1,703,318දෙනාගෙන් පවුල් 26,563ක අයත් පුද්ගලයින් 84,674ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 866ක් රැඳී සිටිනවා.
මේ අතර වගා හානි ගෙවීම් ඇතුළුව, බිත්තර වී සැපයීම ගොවියා නැවත වගාවට යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවක දීයි.

මහ කන්නයේ වී වගා ඉලක්කය වූ හෙක්ටයාර් 8,69,622යෙන් නොවැම්බර් 28 වන දින සිට ඇති වූ ආපදාවලින් හෙක්ටයාර් 6,20,136කට බලපෑම් සිදුව තිබෙනවා.
එමෙන්ම පැවැති ආපදා නිසා හෙක්ටයාර් 106293කට හානි සිදුව ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය සදහන් කළා.
ඒ ආපදා තත්ත්වයත් සමඟ වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක දීයි.

මේ අතර පසුගිය දින කිහිපයේම පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැවැති අධික වර්ෂාපතනය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව සිය ගමන් බිමන් සදහා යොදාගන්නා සපත්තු පාලමට දැඩි හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මීට මාසයකට පමණ ඉහතදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම සපත්තු පාලම ඉදිකර ඇති බවයි.
එම මාර්ගයේ බස් රථයක් ද ධාවනය වන අතර මෙම සපත්තු පාලමේ තිබෙන ගැටලුව නිසා මේ වන විට එම බස් රථය ද මග නවත්වා ඇති බවයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පයාගල – කරදගහවත්ත යා කෙරෙන පාලමටද දැඩි හානිව සිදුව තිබෙනවා.
තවදුරටත් වැසි ඇද හැලුනොත් දුම්මල මෝදර ඇලේ ජල මට්ටමද ඉහළ ගොස් සිදුවිය හැකි හානි තවදුරටත් වැඩි වන බවයි ජනතාව පවසන්නනේ.

මේ අතර සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් පවසනවා.
ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටයි.
එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට ද බලපෑම් එල්ලව තිබෙනවා.
මෙම රෝහල්වලට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණවලට ද හානි සිදුවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් දේපල සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම පිළිබදව සාකච්ඡා කිරිම සදහා දිස්ත්‍රික් කමිටු රැස්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර ආපදාවෙන් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම් තිබුණට වඩා ඉහළින් හා ශක්තිමත්ව යලි ගොඩනැගීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඒ ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලයේ 15වෙනි සංවත්සරය සහ 14 වෙනි වාර්ෂික තිළිණ ප්‍රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින්.

මේ අතර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස කීපයක් නාය ගොස් තවත් ස්ථාන කිහිපයක් ඉරි තැලි තිබෙන නිසා ජනතාව තවදුරටත් පීඩනයට පත්ව සිටින බව වාර්තා වන්නවා.
මෙම ප්‍රදේශයේ ජනතාව දෙමළ විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්තානයේ රැඳී සිටින අතර ජනතාව පවසන්නේ තම නිවාස කඩිනමින් සකස් කර දෙන ලෙසයි.

Share