ඩේසී ආච්චිගෙ මොලේ හොඳද

මේ අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට දින කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.
මෙම දැනුම් දීම සිදු කලේ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.
අදාල පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් වූ පසු විත්තිකාරිය නඩු විභාගය සඳහා පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසු වනවාද යන්න පිළිබඳ පැමිණිල්ල සලකා බලන බවත්, ඒ අනුව අදාල පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 9 කැඳවන ලෙස නියෝග කළා.
අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙන් චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂට හා ඔහුගේ මිත්තනිය වන ඩේසී ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Share