කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පවසනවා.
ජලාශ වේල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවහිර වූ මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ධාවනයට අවසර ලබා දෙන බවයි.
මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඊයේ කොත්මලේ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
දිට්වා සුළි කුණාටුව සමග කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
ප්‍රධාන මාර්ග අවහිර වී තිබීම සැලකිල්ලට ගෙන ජලාශ වේල්ල මතින් පසුගිය දිනවල සියලු වාහන ධාවනය කෙරුණා.
කෙසේ වෙතත් ඊයේ පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි බර වාහන ධාවනය අත්හිටුවීමටයි.
එසේම ඉදිරියෙදි ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ද මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසුවා.





