අබුඩාබි හීදී පැවැත්වූ 2025 ෆෝමියුලා වන් ලෝක ධාවකයන්ගේ ශූරතාව දිනා ගැනීමට මැක්ලැරන් කණ්ඩායමේ ධාවකයා වන ලැන්ඩෝ නොරිස් සමත් වුණා.
ඒ අබුඩාබි ග්රෑන්ඩ් ප්රී තරගය තෙවන ස්ථානයෙන් අවසන් කළ අතර එහිදී සමස්ත තරගයෙන් ප්රසාද ලකුණු 2ක තියුණු පරතරයකින් මැක්ස් වර්ස්ටැපන් පරාජයට පත් කරමින්.
සමස්ත තරගයේදී ලැන්ඩෝ නොරිස් ප්රසාද ලකුණු 423ක් ලබා ගත් අතර නෙදර්ලන්ත ධාවක මැක්ස් වර්ස්ටැපන් හට හිමි වූයේ ප්රසාද ලකුණු 421ක් පමණයි.
මෙම ජයග්රහණයත් සමඟ ඔහු 2008 වසරෙන් පසු ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත් පළමු මැක්ලැරන් ධාවකයා බවටද ලැන්ඩෝ පත් වුණා.
තරගයේ අවසන් වටය තෙක්ම දැඩි උණුසුමකින් පැවති අතර, ලොව පුරා සිටින ක්රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගත් අවසන් තරගයක් බවටද මෙය පත් වුණා.





