බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට සිරකරුවන් පිරිසක් පහර දෙයි.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන්ගේ සිර කුටි මාරු කිරීමට යෑමේ දී රැදවියන් පිරිසක් කලහකාරි ලෙස හැසිරීමෙන් එහි උනුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙහිදී බන්ධනාගාර අධිකාරිවරයාට ද පහරදීමක් සිදුකර ඇති අතර, සිද්ධිය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.
PKG
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය මෙරට දරුණු ගනයේ චෝදනා එල්ල වූවන් රැසක් රඳවා තැබෙන බන්ධනාගාරයක්.
අද පස්වරුවේ එම බන්ධනාගාරය තුළ උනුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ රැඳවියන්ගේ කුටි මාරු කිරීමේ සිද්ධියක් මුල් කරගෙනයි.
ඒම අවස්ථාවේදී සිරකරුවන් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, තත්ත්වය සමතයට පත් කිරීමට පැමිණි බන්ධනාගාර අධිකාරිවරයා ද පහර කෑමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
මෙම කලහකාරී තත්ත්වය නිසා බන්ධනාගාරයේ සවි කර තිබූ සිසිටීවි පද්ධතියට හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට ඒ් අවට පොලිස් ස්ථාන නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට කැඳවනු ලැබුවා.
බන්ධනා මාර්ග ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පස්වරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ බවයි.

Share