මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත

මේ අතර අයහපත් කාලගුණයෙන් අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියා
මෙම ආධාර තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වන බව සඳහන්.

මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර් තානාපතිනි Marlar Than Htaik මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Zaw Phyo Win ඇතුළු එරට රජයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වුණා.

මේ අතර ආපදාවට ලක්වූ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පිරිනමන ලද ජලය පිරිපහදු කිරීම සඳහා යොදන පෙති හෙවත් ක්ලෝරීන් පෙති මිලියනයක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

පැවති ආපදා තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවගේ සහන සේවා කටයුතු සඳහා ගුවන් හමුදාව භාණ්ඩ හා සහනාධාර ගුවන් මගින් සහ ගොඩබිමින් රැගෙන ගොස් විපතට පත් ජනතාව වෙත බෙදා දීම මේ වන විටත් අභන්ඩව සිදුකරමින් සිටිනවා.
එහිදි මහජනතාව සහ අනෙකුත් ආයතන එක්ව ලබා දෙන අධාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 412, Bell 212, MI17 හා Y12, ගුවන් යානා මගින් අද දිගන, පාලවිය, අස්ගිරිය, අඹලියද්ද, නුවරඑළිය, ගෝනපොල, මීමුරේ, උඩුකුඹුර, මලගොල්ල, උඩුදුම්බර යන ප්‍රදේශවල විපතට පත් ජනතාව වෙත බෙදාදීමේ කටයුතු සිදුකරනු ලැබුවා.

Share