මේ අතර ඇමරිකානු ගුවන් හමුදාවට අයත් සී.- 130 හර්කියුලීස් ගුවන් යානා 02ක් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.
එම ගුවන් යානා දෙක පැමින ඇත්තේ තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිටයි.
මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය, යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා රැගෙන ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතයි.
මෙම ගුවන් යානා සමග ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද පැමිණියා.





