දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ විස්ස ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එසේම මෙම ස්වභාවික ව්‍යසනයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 618ක්.
දිට්වා සුලි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් පුද්ගලයින් 209 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විටත් ඉන් වැඩිම පිරිසක් අපදාවට ලක්ව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයෙයි.
එහි පවුල් 98,631 කට අයත් පුද්ගලයින් 347,211ක් පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන 328,846ක්.
මේ අතර මෙම ව්‍යවසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යවක් අහිමි වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 232ක් සහ අතුරුදන්ව ඇති සංඛ්‍යව 81ක් වනවා.
නුවර එළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වී ඇති අතර 35 දෙනෙක් තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද මරණ 83ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61 ක් වාර්තා වී තිබෙනවා.





