මෑත ඉතිහාසයේ අප රට මුහුන දුන් දැවැන්තම ස්වාභාවික විපත දැන් සිදුවී හමාරයි.
අළු මතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියා මෙන් පළමු පියවරේ සිට අපේ රට ගොඩ නැගීම සඳහා එකාවන්ව එම කාර්යට පෙලගැහෙන්නට මේ හොඳම කාලයයි.
මේ දිග හැරෙන රූපමය සාක්ෂි, ඊට හොඳම නිදසුනක් බවට විවාදයක් නැහැ.
පුද්ගලයින් 600කට අධික පිරිසකට දිවි අහිමි කරමින්, තවත් 214 දෙනෙකුගේ සාක්ෂි පවා අතුරුදන් කරමින් ශ්‍රී ලංකාවේ දශක 7ක ඉතිහාසයේ සිදුවූ බරපතළම ඛේදවාචකයෙන් සමස්ථ ජාතියක් ලෙස තවදුරටත් සිටින්නේ අදහාගත නොහැකි පීඩනයකින්.
මීට අමතරව මෙම ස්වභාවික ව්‍යසනයෙන් කායිකව මෙන්ම මානසිකවද බොහෝ පිරිසක් අද වන විට තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
එම පිරිසගේ සංඛ්‍යාව තව තවත් ඉහළ යනවා මිස පහළ යාමක් අද හෙට සිදුවෙතැයි තවදුරටත් අපෙක්ෂා කළ නොහැකියි.
දිට්වා සුළි කුණාටුවෙන් සෘජු බලපෑමක් මෙරට කෘෂිකර්මාන්තයට එල්ලවුණා.
රාජාංගන දකුණු ඉවුරේ ගොවි ජනපදයට වතුර ගෙනෙන ප්‍රධාන පද්ධතියේ වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ගොවි සංවිධාන නියොජිතයින් එක්ව එය පිළිසැකර ගැනීමට මෙලෙස ක්‍රියාත්මක වුණා.
මේ අතර පැවති අයහපත් කාලගුණය හමුවේ සිය ගොවි බිම් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවට රාජාංගන ජලාශය යටතේ ගොවිතැන් සිදුකරන යාය 01 ප්‍රදේශයේ ගොවීන් මැසිවිල නඟනවා.
දින කිහිපයක් මුලතිව් නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පැවතීම හේතුවෙන් වැලිඔය, මුහුදබඩ පත්තුව, මාන්තෙයි නැගෙනහිර හා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවල කුඹුරු අක්කර දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
පසුගිය දිනවල පැවති අධික ගංවතුර නිසා වැඩිම බලපෑමක් එල්ල වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටව ඇති අතර ගොවීන් පවසන්නේ කුඹුරුවල ඇති වැලි ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර පවා යොදාගැනීමට සිදුවනු ඇති බවයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල සත්ත්වයින් ප්‍රමාණයක්ද මියගොස් ඇති අතර ගවයින් විශාල ප්‍රමාණයක් මිය යාම හමුවේ කිරි කන්තලේ ප්‍රදේශයේ කිරි ගොවීන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජලයෙන් යටවී තිබූ හලාවත නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් රාජ්‍ය නිලධාරීන් සහ අවට තරුණ පිරිසගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කෙරුණා.
ඒ යටතේ හලාවත මහ රෝහල පිරිසිදු කිරීම, ඊච්චම්පිටිය සහ මැල්පුර යන ප්‍රදේශවල කසළ ඉවත් කිරීමද සිදුකෙරුණා.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල, මීගහකිවුල, අරාව, පොල් ගහ අරාව ග්‍රාමයේ පවුල් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් පොල්ගහඅරාව විදුහලේ ස්ථාපිත සුරක්ෂිත මධ්‍යස්තානයක රඳවා ඇති අතර ප්‍රදේශයේ මාර්ග පද්ධතියද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පසුගිය දින කිහිපයේම ජලයෙන් යටව පැවති අතර කිඹුලන් නිවාස අසළටම පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
ජනතාවට නිවැරදි තොරතුරු ප්රවෘත්ති හරහා සමීප කරවීමට කවදත් වෙහෙසෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද මෙම දිට්වා සුලි කුණාටුව හමුවේ දැඩී පිීඩාවට පත්වුණා.
මෙලෙස පීඩාවට පත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් “සෙනෙහසේ අත්වැල” උපකාරක වැඩසටහන් දියත් කෙරුනේ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන්.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ පාලම කැඩී යාම හමුවේ සිය ගමනා ගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවත්, එම ප්‍රදේශය වාසය කිරීමට සුදුසු දැයි කඩිනමින් විමසා බැලීමේ අවශ්‍යතාව පිළබඳ ප්‍රදේශවාසීන් කරුණු පැහැදිලි කළා.
මේ අතර මහියංගණය ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරතව සිටි යුද හමුදා භට පිරිසගේ සුවදුක් විමසීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා එහි සංචාරයක නිරතවුණා.
දිට්වා සුලි කුනාටුව හමුවේ විනාශවුනේ මිනිස් ජීවිත පමණක් නොවේ, එලෙස විනාශ වී ගිය සහ සැඩ පහරට හසුව ගසාගෙන ගිය රථ වාහන ගොඩ ගැනීමද අද වන විට සිදුවනවා.
පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන්, කැඩී යාමට ලක්වූ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, කොහොඹගස් කඩ වැවේ බැම්ම පිළිසකර කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ මූලිකත්වයෙන් සිදුකෙරුණා.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැඩිම බලපෑමක් සිදු වූ මාතලේ රිවස්ටන් ප්‍රදේශයේ පිවිසුම් මාර්ගයේ මේ වන විට පවතින තත්ත්වයයි මේ.
දැඩි ගිලා බැසීම් සහ පිපුරුම් සලකුණු සහිත මෙම මාර්ගයේ ගමනාගමනය තවමත් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
කුඩා දරුවකුගේ මතකයෙන් පවා මකාලිය නොහැකි ගම් පිටින්ම වැළලීගිය පසුගිය දින කිහිපයක අතීත අත්දැකීම්, යළිත් මෙවැනි ව්‍යසනයකින් ආරක්ෂා වීම හෝ විනාශය අවම කරගැනීමේ මීළඟ පියවර සඳහා භාවිතා කිරීම අප සතු වගකීමක්.
ඒ සඳහා සුවහසක් ජනතාවගේ මනස ශක්තිමත් කරවීම, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්ත මෙන්ම ව්‍යාපාර ද නැවත ගොඩ නගා ගැනීම සඳහා රජය පෙරමුණ ගන්නා අතර වාරයේ රටක් සහ රට පුරවැසියන් ලෙස අප සතු ජාතික වගකීමක් වන්නේ ද ඒ සඳහා ඉත සිතින් කැපවීමයි.




