ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සංචාරක තහනම පැනවූ රටවල් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග රටවල් එම තහනමට ඇතුළත් වන අතර ඊට ටර්කෙමෙනිස්තානය, කියුබාව, වෙනිසියුලාව, බුරුන්දි ලාඕසය යන රටවල් ද ඊට එක්කර තිබෙනවා.
කෙසේ වෙතත්, එමගින් ඇමරිකාවේ සංචාරක කර්මාන්තය සහ ජාත්‍යන්තර ගුවන් සේවා පැමිණීම දැඩි මූල්‍ය පාඩු වලට ලක්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගියදා වොෂිංටන් ඩීසී හිදී ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු විසින් එරට ආරක්ෂක භටයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියත් සමග මෙලෙස සංචාරක තහනමක් පැමිණවීමට ට්‍රම්ප් පරිපාලනය විසින් කටයුතු කළා.
ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබෙනවා.
2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම අමෙරිකාවේ වොෂින්ටන්හිදී මෙරට වේලාවෙන් අද අලුයම එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබුවා.
FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙම වසරේ දී හඳුන්වා දෙනු ලැබූ මෙම සම්මානය පිරිනමෙන්නේ සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්’ සහ ‘ලොව පුරා ජනතාව එක්සත් කළ’ පුද්ගලයෙකු උදෙසායි.




