ඕස්ට්‍රේලියානු රජයෙන් අතිරේක ඩොලර් මිලියන 2.5 ක මුදලක්

ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව සඳහා අතිරේක ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් ප්‍රකාශයට පත් කර ති‌බෙනවා.
ඒ අනුව දිත්වා සුලි කුණාටුවේ බලපෑමට ලක් වූවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව මේ වන විට ප්‍රදානය කර ඇති සම්පූර්ණ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 3.5ක්
හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලීම පරිදි ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සහාය ලබා දෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඕස්ට්‍රේලියාවේ සහයෝගය, හදිසි සහන සැපයුම්, නවාතැන්, ආහාර, ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා වන අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා සහාය ඇතුළුව අවතැන් වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Share