ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් මෙරටට

හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් ද ඊයේ පස්වරුවේ මෙරටට ළගා වුණා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතාගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක් මෙරටට එවා තිබෙනවා.

කූඩාරම් , බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත්.

Share