නොවැම්බර් 30 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ ශ්‍රි ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානය පැදවූ ප්‍රධාන නියමු ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ නිසල දේහය අද රත්මලානේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.
මෙම හෙලිකොප්ටර් යානාව වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ දී ගිං ඔයට කඩා වැටී අනතුරට ලක්වූයේ දිට්වා සුළි කණාටුව හේතුවෙන් මතුවූ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙත ආහාර ලබා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදීයි.
ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ දී ගිං ඔයට කඩා වැටුනේ පසුගිය නොවැම්බර් 30 වැනිදායි.
මෙම අනතුරෙන් එම හෙලිකොප්ටර් යානය පැදවූ එහි ප්‍රධාන නියමු ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතා ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා.
ජීවිතක්ෂයට පත් 41 හැවිරිදි නිර්මාල් සියඹලාපිටිය මහතා එක්දරු පියෙක් වනවා.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මෙම හෙලිකොප්ටර් අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් තනතුරේ සේවය කළ නිර්මාල් සියඹලාපිටිය පසුව ගෘප් කපිතාන් තනතුරු දක්වා උසස් කරණු ලැබුවා.
වෙන්නප්පුව කිරිමැටියාන තුලාවල ප්‍රදේශයේ උපත ලද ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෙක්
ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳෙන්නේ 2005 වසරේ දීයි.
මේ වනවිට ගුවන් පියාසර පැය 3000 ට අධික සංඛ්‍යාවක් හිමි මේ පළ පුරුදු ගුවන් නියමුවා මියයන විට 41 හැවිරිදි වියේ පසුවුනා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමට සහ ඔවුන්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 09ක් යොදා තිබූ අතර ඉන් එක් යානයක ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියයි.
මියගිය ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය වෙන්නප්පුව ප්‍රදේශයේම ඉපිද වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අයහපත් කාලගුණය හේතුවෙන් පීඩා විඳින සිය ගම් ප්‍රදේශවල ජනතාවට ම සේවය කිරීමට ගොස් ජීවිතය අහිමිවීම කෙතරම් අභාග්‍යයක් ද? මෙහිදී ගෘප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව දේහයට තැන්පත් කිරීම අද කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ගේ අතින් සිදුකළා.
එමෙන්ම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද පැමිණ සිටියා.





