නුවරඑළිය ප්‍රදේශයේ 20,000කට අධික සංඛ්‍යාවක් අවතැන්

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ 20,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී සිටින අතර පුද්ගලයන් 73 දෙනෙකු තවදුරටත් අතුරුදහන් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.
දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ස්ථානවල මාර්ග හරහා යෑමට නොහැකි ස්ථානවලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ සහය ඇතිව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය යැවීමට පියවර ගෙන ඇති බවයි.

Share