ඉන්දීයානු ආධාර රැගත් ගුවන් යානයක් අද අළුයම දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන් යානයක් අද අළුයම දිවයිනට ලඟා වුනා.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද අළුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා වුනා.
මෙම අධාර තොගයේ ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් අන්තර්ගත වී තිබෙනවා.
ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලයේ සංවර්ධන සම්බන්ධීකරණ කොන්සියුලර් මෛත්‍රී කුල්කරණිී මහතා, සහකාර ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් මන්දීප් සිං නෙගී මහතා අතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගි වූනා.
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වුනා.

Share