පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක සැකකරු පලායයි

News

නිවිතිගල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක බොනට්ටුවේ එල්ලී මෝටර් රථය නතර කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
දෙල්වල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු ජීප් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර උඩ පෑබොටුව ප්‍රදේශයේදී වරෙන්තුවක් සහිත පුද්ගලයෙකු දැක තිබෙනවා.
එහිදී ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පොලිස් කොස්තාපල්වරයා එම පුද්ගලයා සිටි මෝටර් රථය අසලට ‌ෙගාස් ඔහුට බසින ලෙස පවසා ඇති අතර ඔහු මෝටර් රථය පණ ගන්වා පලා යාමට උත්සාහ දරා තිබුණා.
කොස්තාපල්වරයා මෝටර් එල්ලී කිලෝ මීටර් එක හමාරක් පමණ දුර ගොස් වාහනය නතර කිරීමට උත්සාහ දැරුවද වාහනය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
කොස්තාපල්වරයා ඉන් ඇද වැටී තුවාල ලබා ඇති අතර සැකකරු මෝටර් රථය අතුරු මාර්ගයක දමා පලාගොස් තිබූ බව පොලිසිය පැවසුවා.

Share