පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීම වැදගත් සාධනීය පියවරක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීමට වත්මන් රජය ගත් තීරණය ඉතා වැදගත් සාධනීය පියවරක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීමට උත්සාහ කළත් ඊට බෙහෝ පිරිස් බාධා එල්ල කළ බවයි.
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කළා.

Share