ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් කැඳවා තිබෙනවා.
ඊට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන් පොල්දූව මංසන්ධියේ විරෝධතාවක ද නිරත වීමට නියමිතයි. ඒකාබද්ධ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ මෙතෙක් පැවති අමතර සේවා දීමනාව කපා හැරීම, ඖෂධ හිගය, අමාත්‍යංශ බලධාරීන් සමග නිස සාකච්ඡාවක් ලබා නොදීම, අයවැයෙන් නිසි ලෙස ප්‍රතිපාදන වෙන් නොවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉල්ලීම් කිහිපයතක් මුල් කරගනිමින්.
ඒ අනුව නේවාසික ප්‍රතිකාර හැර අඅනෙකුත් ප්‍රතිකාර කටයුතුවලින් ඔවුන් ඉවත් වී සිටිනවා. වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ආයුර්වේද රෝහල් රැසක සේවා කටයුතු අඩාල වීමෙන් අපහසුතාවට පත් වුණේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී ජනතාවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂය විවාදයට ගැනෙන අද දිනයේදී සිය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි බල කරමින් ආයුර්වේද වෛද්‍යවරු පොල්දූව මංසන්ධියේ විරෝධතාවක ද නිරත වුණා.





