ලොව විශාලතම මගී ගුවන්යානය කටුනායකට

ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන එමිරේට්ස් ගුවන් සමාගමට අයත් එයාර්බස් A380-800 ගුවන් යානය ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් බලා පියාසර කරන අතරතුර ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිස්සියේ ගොඩබස්වා තිබෙනවා
එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් යානය මෙලෙස ගොඩබැස්වූ බව කටුනායක ගුවන්තොටුපොළ පැවසුවා.

Share