පාකිස්ථානයේ දී පැවැත්වෙන තුන්කොන් 20/20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය සිම්බාබ්වේ සමග අද පැවැත්වෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් නිත්‍ය නායක චරිත් අසලංක යළි මෙරටට පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරී ඇත්තේ දසුන් ශානකටයි.
Sound up – දසුන් ශානක – නායක – ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායම
මෙවර තරගාවලියේ දේශීය විකාශන අයිතිය ටීවී සුප්‍රීම් නාලිකාවට හිමිවී ඇති අතර, නිදහස් සංඛ්‍යාත යූ එච් එෆ් 47 ඔස්සේ මුළු දිවයිනම ආවරණය කර තිබෙනවා.
මීට අමතරව WWW.SANDBRIX.COM වෙබ් අඩවියට පිවිසීමෙන්ද කිසිදු අමතර ගාස්තුවකින් තොරව තරගාවලිය නැරඹීමට හැකියි.
ආසියානු කුසලාන නැගී එන තරු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූ සහාන් ආරච්චිගේ පන්දු 49කදී ලකුණු 69ක් රැස් කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සටන්කාමී ලකුණු ලකුණු 159ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දුන්නා.
දුනිත් වෙල්ලාලගේ ද වේගවත් ලකුණු 23ක් රැස් කළා.
බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.





