ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ කෘතිම පිටියේ ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ ඒකල අවසන් තරග ඊයේ ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
මෙහිදී ආන්‍යා නෝබට් විසින් විනිත්‍යා ධර්මරත්න පරාජය කරමින් කාන්තා ශූරතාවය දිනා ගත්තා.
තරගයේ ලකුණු සටහන දැක්වුණේ 6-2 / 6-2 සහ 2-0ක් ලෙසයි.
පිරිමි අවසන් තරගයේදී අශේන් සිල්වා පරාජය කරමින් අප්න පෙරේරා ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා .
අප්න පෙරේරා කෘතිම පිටියේ ජාතික ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි.





