ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ තුන්කොන් T20 තරගාවලිය අද

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් T20 තරගාවලිය අද ආරම්භ වනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක චරිත් අසලංක මෙන්ම අසිත ප්‍රනාන්දුට තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඔවුන් යළි මෙරටට ගෙන්වා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
ඒ අනුව තුන් කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වය යළි දසුන් ශානකට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
මේ අතර චරිත් අසලංක වෙනුවට පවන් රත්නායක විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.
පවන් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැති අතර පාකිස්තානය සමඟ පැවති අවසන් එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.
ආරක්ෂක හේතුන් මත තුන්කොන් තරගාවලියේ සියලු තරග රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් පාකිස්ථාන සහ සිම්බාබ්බේ කණ්ඩායම් අද තරග වැදීමට නියමිතයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙනවා.
මෙම තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය ටීවී සුප්‍රීම් සතු වනවා.

Share