දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය ආරම්භ කර තිබූ විමර්ශනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදියි.
අදාළ තොරතුරු තහවුරු කරගැනීම සඳහා ටී.වී සුප්‍රීම් නිව්ස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැහැ / ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිතව තිබුණා. දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අයථා වත්කම් සහ දූෂණ, වංචා සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු පසුගියදා කළ අනාවරණයෙන් පසුව ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනය සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශයයි.
කෙසේවෙතත් අදාළ විමර්ශන කඩිනම් කරනවා වෙනුවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් ලබා දී ඇත්තේ විමර්ශන කටයුතු අත්හිටුවීමට බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් ගොඩ කරමින් සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම හා ඊට අවශ්‍ය සිමෙන්ති, උතුරු මැද පළාතේ පොලිස් ස්ථාන අලුත්වැඩියා කරන මුවාවෙන් පුත්තලම සිමෙන්ති ආයතනයෙන් නොමිලේ ලබාගැනීම සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර 2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබුවා.
ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාදීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒ අනුව එම උසස් කිරීම් බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.





