අතහැර දමා ගිය කුෂ්

මේ අතර, කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ලක් කටුනායක ගුවන්තොටුපළේ ගුදම් ගඩබාවක තිබී පොලිසිය සොයා ගෙන තිබෙනවා.
රාජ සන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු සහ භාණ්ඩ රදවා තබන ගුදම් ගබඩාවේ තිබී මෙම මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ල හමුවී ඇති බවයි පැවසෙන්නේ.
එය පසුගිය මාර්තු මස 17 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගුවන් මඟියෙකු විසින් අතහැර දමා ගොස් තිබූ එකක් බවයි ගුවන් තොටුපල රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.
පොලිතින් ඇසුරුම් තුළ සඟවා සකස් කර තිබූ මෙම ගමන් මල්ලෙහි කිලෝ ග්‍රෑම් 11කට අධික කුෂ් තොගයක් මේ වන විට සොයා ගෙන තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව වෙත නීතිවිරෝධීව ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට සූදානම් කර තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් ඉන්දියාවේ රාමනාදම්පුරම් වෙරළ බඩ ප්‍රදේශයේදී සොයා ගැනීමට එරට බලධාරින් සමත් වී තිබෙනවා.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගය පෞද්ගලික බස් රථයකින් මෙම ප්‍රදේශයට ගෙනැවිත් ඇතැයි සඳහන්.

Share