2021 වසරෙන් පසුව මව්බිමෙන් පිටදී එක්දින තරගාවලි වැඩිම ප්‍රමාණයක් පරාජය වීමේ වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.
ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය පාකිස්ථානය ජයගත්තේ කඩුලු 6කින්.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්තාන නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 45යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ සදීර සමරවික්‍රම ලකුණු 48යි.
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පවන් රත්නායක ලකුණු 32ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
පාකිස්තාන පිතිකරුවන් ලකුණු 212ක පහසු ඉලක්කය පන්දුවාර 44යි පන්දු 4ක් තුළදී කඩුළු 4ක් පමණක් දැවී සපුරා ගත්තා.
මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුනු 61යි.
පන්දු යැවීමේදී ජෙෆිරි වැන්ඩසේ කඩුළු 3ක් දවා ගත්තා.
මෙම තරගාවලි පරාජයත් සමඟ 2021 වසරෙන් පසුව සිය මව්බිමෙන් පිටදී එක්දින තරගාවලි වැඩිම ප්‍රමාණයක් පරාජය වීමේ අමිහිරි වාර්තාව ද ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සතු කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත දී එක්දින තරග 24ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 18ක පරජය වී තිබෙනවා.

Share