බංගලාදේශයේ අවාමි ලීගයට පනවා ඇති තහනම දිගටම පැවතුනහොත් බංග්ලාදේශයේ ප්රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් ඇති විය හැකි බවට හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසෙඩ් අනතුරු අඟවනවා.
අද දින එරට අධිකරණය විසින් ප්රකාශයට පත් කිරීමට නියමිත සිය මවට එරෙහි නඩු තීන්දුවට පෙර රොයිටර් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙලෙස ප්රකාශ කර තිබෙනවා.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර පක්ෂයට පනවා ඇති තහනම ඉවත් නොකරන්නේ නම් තම පක්ෂයේ ආධාරකරුවන් මැතිවරණය අවහිර කරන බවත් විරෝධතා උත්සන්න කරන බවත් ඔහු අනතුරු අඟවනවා.
මේ අතර, බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට විශේෂ අධිකරණයක් මගින් අද දින ලබා දෙන තීන්දුවෙන් මරණ දඬුවම නියම කෙරෙනු ඇති බවත් සජීබ් වාසෙඩ් පවසනවා.
කෙසේ වෙතත්, හසීනා එම චෝදනා ප්රතික්ෂේප කරන අතර නඩුව දේශපාලනිකව මෙහෙයවනු ලබන බව ඇගේ පුත්රයා රොයිටර්ස් සමග සාකච්ඡාවේ දී පවසා තිබෙනවා.
වාසෙඩ් පවසන්නේ 2024 අගෝස්තු මාසයේදී බංග්ලාදේශයෙන් පලා ගිය දා සිට හසීනා නවදිල්ලියේ ආරක්ෂිතව ජීවත් වන බවත් ඉන්දියාව ඇයට”රාජ්ය නායකයෙකුට මෙන්” ඇයට සලකන බවයි.




