ඉන්දියාවේ දිල්ලි බෝම්බ ප්‍රහාරයට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සතියේදී දිල්ලි රතු බලකොටුව ආසන්නයේ දී මෝටර් රථයක් යොදා ගනිමින් ත්‍රස්තවාදීන් කළ බෝම්බ පිපිරවීමකින් පුද්ගලයින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රහාරය සඳහා යොදා ගත් මෝටර් රථයේ ලියාපදිංචි අයිකරු බව පැවසෙන කාශ්මීරයේ පදිංචිකරුවෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කර තිබෙනවා.





