ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරු පොලීස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිරුක්කොවිල් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පැවසුවා.
විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අවයව පෙන්වූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
එම සිද්ධිය වාර්තා වුණේ ආරුගම්බේ ප්‍රදේශයෙන්.
මේම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය ඊමේල් ඔස්සේ සංචාරක පොලිස් කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරුණා.
සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කළ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට ජනතා සහය ද ඉල්ලා සිටියා.
මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට පොලිසියට තොරතුරු අනාවරණ වී ඇත්තේ සමාජ මධ්‍ය සටහනකින්.
ඒ අනුව ඔහු පදිංචිව සිටි බව කියන ස්ථාන කිහිපයක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එක් ස්ථානයකදී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වල ඡායාපිටපත් හමුවූ බව පොලිසිය පැවසුවා.
ඒ අනුව සැකකරුගේ බිරිඳගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට අනාවරණය වී ඇත්තේ සැකකරු දින තුනකට පෙර පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව ඔහු ගැවසිය හැකි ස්ථාන සෝදිසි කිරීමකදී සැකකරු කල්මුණේ මරඳමුණේ ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වන විට ඔහු හිස බූ ගා සිය පෙනුම වෙනස්කර ගෙන සිටි බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අතර ඔහුට දරුවෙක් ද සිටිනවා.
සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලීසිය භාර දී තිබෙනවා.





