සංඛ්‍යාලේඛන අනුව මෑත කාලයේ මෙරට සංචාරක ක්ෂේත්රයේ වර්ධනයක් වසරේ ගත වූ මාස 10 තුළ දක්නට ලැබෙනවා.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ සංචාරක ක්ෂේත්රය හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් උදම් අනන අයුරුද කන වැකෙනවා.
නමුත් සැලකිමත් විය යුතු නමුත් තැකීමක් නොකරන තත්ත්වය වන්නේ වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු මතුව තිබීමයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විට මෙරටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 19 ලක්ෂ 72,957 දෙනෙක් පමණයි.
බොහෝ විට අද වන විට මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක ඉක්මවා යා හැකියි.
එහෙත් වසර අවසන් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සති හයක පමණ කාලයක් පමණක් බැවින් වසර අවසන් වෙද්දී උපරිම වශයෙන් සංචාරකයින් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් අපේකෂා කළ හැකියි.
වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් මිලියන තුනක් ඉලක්ක කර තිබුණු අතර එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් මිලියන 2.6ක් පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කළා.
ඇස්තමේන්තු අනුව ඉතාම නරකම තත්ත්වයන් යටතේ වුවද අපේ්ක්ෂා ක සංචාරක ඉලක්කය මිලියන 2.4ක්.
දැනට පෙනෙන පරිදි එම ඉලක්කය හෝ සපුරා ගැනීම මෙරට සංචාරක ක්ෂේත්රයට අභියෝගයක් වී ඇති හැඩයි.
රටේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමේ උත්සාහය තුළ දැනට වැඩිම බරක් තබා තිබෙන්නේ සංචාරක කර්මාන්තය මත බැවින් ඉලක්ක සපුරා නොගැනීම බරපතළ අවධානය යොමු කළ යුතු තත්ත්වයක්.
ඔක්තෝබර් මාසය අවසන් වන විට රටට පැමිණ සිටි සංචාරකයින් ප්‍රමාණය 1,890,687ක් ලෙස වාර්තා වනවා.
මෙය මෑත ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි 2018 වසරේ පළමු මාස දහයට සාපේක්ෂව සියයට 0.3ක සුලු වර්ධනයක්.
කෙසේ වුවත්, 2018 පළමු මාස දහයක කාලය තුල සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 3,495.9ක් ලැබී තිබුණා.
නමුත් මේ වසරේ අදාළ කාලය තුළ ලැබී ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 2659ක්.
ඩොලරයක මූර්ත අගය 22.5%කින් අඩු වී ඇති තත්ත්වයක් තුළ 2018 වසරට සාපේක්ෂව, සංචාරක ඉපැයීම් මූර්ත පදනමින් 41.0%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.
ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ මූර්ත ආදායමයි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නරකම තත්ත්වයක් යටතේ පළමු මාස දහයක කාලය ඇතුළත සංචාරකයින් 1,942,909ක්ද, සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරකයින් 2,137,227ක්ද, හොඳ තත්ත්වයක් තුළ සංචාරකයින් 2,395,462ක්ද පැමිණෙනු ඇති බව ඇස්තමේන්තු කර තිබුණා.
නමුත් සැබවින්ම පැමිණ ඇති ගණන නරකම තත්ත්වයටත් වඩා 2.7%කින්ද, සාමාන්‍ය තත්ත්වයට වඩා 11.5%කින්ද, ශුභවාදී තත්ත්වයට වඩා 21.1%කින්ද අඩු වී තිබෙනවා.
මෙහි අවාසිය වඩාත් වැඩි වී ඇත්තේ පැමිණෙන සංචාරකයින් විසින් වැය කර ඇති සාමාන්‍ය මුදල ද විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන්.





