ඉක්වදෝරය තුළ විදේශීය හමුදා කඳවුරු නැවත ස්ථාපිත කිරීමට ඉඩ දීම සඳහා වූ යෝජනාව ජනමත විචාරණයේ දී එරට වැසියන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එය ඇතුලු ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබොආ විසින් ඉදිරිපත් කළ යෝජනා හතරම එරට ජනතාව විසින් පරාජය කර තිබීම විශේෂත්වයක්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක් කැඳවීම ද ඒ අතර වුණා.
විපක්ෂය චෝදනා කළේ නව යෝජනා මගින්, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩීමට සහය ලබාගන්නා මුවාවෙන් ඇමරිකානු හමුදා නැවත ඉක්වදෝරය වෙත ගෙන්වා ගැනීමට සහ රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට නොබොආ ක්‍රියා කරන බවටයි.
ඉක්වදෝරය කොකේන් නිෂ්පාදනය නොකරන අතර, එහි විශාල වරායන් සහ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිපදවන කොලොම්බියාව සහ පේරු වෙත සමීප වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සඳහා යෝග්‍ය සහ ලාභදායී ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
නොබෝවාට අනුව, ලෝකයේ කොකේන් වලින් 70% ක් පමණ ඉක්වදෝරය හරහා ගමන් කරනවා.





