ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදීත් අසීරු අඩියක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍ර්‍රීඩකයන් දැවී ලකුණු 211 ක් රැස් කළා.

පළමු තරග දෙකම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද තරගයට එක් වූයේ සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමේ අධිෂ්ඨානයෙන්.
අසනීප තත්ත්වයක් හේතුවෙන් අද තරගයට නිත්‍ය නායක චරිත් අසලංක නොමැති වීම හේතුවෙන් පවන් රත්නායකට එක්දින වරම් හිමි වුණා.
එමෙන්ම වනිඳු හසරංග අද අද විවේක ගන්වා තිබූ අතර මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ සමග එෂාන් මාලිංග අද තරගයට කැඳවනු ලැබුවා.
කාසිය වාසිය දිනූ පාකිස්තාන නායකයා පන්දු යැවීම තෝරා ගත්තා.
නියමිත පන්දුවාර තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූ‌යේ ලකුණු 211ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සදීර සමරවික්‍රම ලකුණු 48ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මෙහොමඩ් වසීම් කඩුලු පහක් දවා ගත්තා.

Share