රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පවසනවා.
ඔහු සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි.
2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙයේ අද පැවති විධායක සභාවේ දී .





