මෙක්සිකෝවේ රජයට විරෝධය පළ කරමින් රට පුරා පෙළපාළි

මෙක්සිකෝව තුළ ප්‍රචණ්ඩකාරී අපරාධවලට සහ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 120 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් බව සඳහන්.
Gen Z පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share