කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරිම් දින 548ක ප්‍රමාදයක් සිදුව ඇති බැවින් ඒ සදහා කොන්ත්රාත්කාර සමාගමෙන් රුපියල් මිලියන 4227ක වන්දියක් ඉල්ලා ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වුන.
ඒ ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නිළධාරීන් දෙවන දිනටත් කොප් කමිටුව හමුවට ඊයේ දින කැඳවා සිදුකල සාකච්ඡාවේ දීයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය දෙවන වරට කොප් කමිටුවට 2022 සහ 2023 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යය සාධනය පිළිබඳව විමසීම සදහා කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ අමාත්‍යංශය නියෝජනය කරමින් නිළධාරීන් පැමිණ සිටියා.





