ටයිටැනික් නෞකාවේ තිබු රන් සාක්කු ඔරලෝසුවක් වෙන්දේසියකට යොමු කෙරේ

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම මගියෙකු සතුව තිබූ රන් සාක්කු ඔරලෝසුවක් වෙන්දේසියකට යොමු කර තිබෙනවා.
එය ඩොලර් මිලියන 1.3කට අලෙවි වනු ඇතැයි අපේක්ෂිතයි.
මෙම ඔරලෝසුව 1912 අප්‍රේල් 14 වන දින සවුත්හැම්ප්ටන් සිට නිව්යෝර්ක් බලා ගමන් කරමින් තිබූ ටයිටැනික් යාත්‍රාව අයිස් කුට්ටියක ගැටී ගිලී යාමෙන් මියගිය 1,500 කට අධික පිරිස අතර සිටි ඉසිඩෝර් ස්ට්‍රෝස්ගේ බව සඳහන්.
ව්‍යසනයෙන් දින කිහිපයකට පසු ඔහුගේ සිරුර අත්ලාන්තික් සාගරයෙන් සොයා ගන්නා ලද අතර ඔහු හැඳසිටි අඳුමේ සාක්කුවක තිබී මෙම කැරට් 18 රන් සාක්කු ඔරලෝසුව හමු වී තිබෙනවා.
ටයිටැනික් නෞකාව රළ යටින් අතුරුදහන් වූ මොහොතේ, එනම් 02:20 ට සාක්කු ඔරලෝසුව නතර වි තිබෙනවා.

Share